අනියම් පෙම ගිනිගනී - කුපිත වූ කාන්තාව තවත් කාන්තාවකට මන්නෙන් කොටයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

අනියම් පෙම ගිනිගනී - කුපිත වූ කාන්තාව තවත් කාන්තාවකට මන්නෙන් කොටයි

අනියම් පෙම ගිනිගනී - කුපිත වූ කාන්තාව තවත් කාන්තාවකට මන්නෙන් කොටයි

ගාල්ල හාලිවල, හිල්සයිඩ්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් තවත් කාන්තාවකට පෙරේදා(05) රාත්‍රී මන්නා පිහියකින් පහරදී තුවාල සිදුකොට තිබෙන අතර තුවාල ලැබූ කාන්තාව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බව ගාල්ල පොලිසිය කියයි.

 

මන්නා පිහියෙන් පහරදීම හේතුවෙන් තුවාලකාරියගේ සුළැඟිල්ලට හානිවී ඇති බවද පොලිසිය පවසයි. 

 

පහරදීමට සිදුකල කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 44 හැවිරිදි වියේ පසුවන තැනැත්තියකි. 

 

අනියම් සම්බන්ධතාවයක් නිසා මෙම පහරදීම සිදුවී ඇති බව පොලිසිය කියයි.

 

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ(06) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. 

views

905 Views

Comments

arrow-up