බැසිල් අප්‍රේල්වල අයි.එම්.එෆ් සහ ලෝක බැංකු යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

බැසිල් අප්‍රේල්වල අයි.එම්.එෆ් සහ ලෝක බැංකු යයි

බැසිල් අප්‍රේල්වල අයි.එම්.එෆ් සහ ලෝක බැංකු යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ලබන අප්‍රේල් මාසයේ දී ඔවුන්ගේ වාර්ෂික සැසිවාර පැවැත්වීමට නියමිත අතර ඒ අතරවාරයේ දී මුදල් අමාත්‍යවරයා එම ආයතනවල නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මුදල් අමාත්‍යවරයා මේ වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් සමඟ නිල නොවන මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔවුන්ගෙන් ලබාගත හැකි සහාය සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවත් එම ආරංචි මාර්ගවලින් කියැවිණි.

 

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනක් සකසනු ඇති බවත් ඒ තුළින් රටේ විදේශ විනිමය ස්ථාවර කරමින් සීමාකාරී පියවර මඟින් ආර්ථික යථා තත්ත්වයට ගෙන ඒමටත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත් නියම කරනු ඇතැයි ආණ්ඩුව බොහෝ දුරට ඊට එකඟතාව පළ කරනු ඇති බවත් වාර්තා වේ.

 

-සන්ඩේ ටයිම්ස්-

views

652 Views

Comments

arrow-up