06 හැවිරිදි කුඩා දැරියට හදි කළ 45 හැවිරිදි නරුමයා දස වසරක් සිපිරිගෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

06 හැවිරිදි කුඩා දැරියට හදි කළ 45 හැවිරිදි නරුමයා දස වසරක් සිපිරිගෙට

06 හැවිරිදි කුඩා දැරියට හදි කළ 45 හැවිරිදි නරුමයා දස වසරක් සිපිරිගෙට

සය හැවිරිදි කුඩා දැරියක බරපතළ ලස ලිංගික අපයෝජනයකට ලක් කිරීමසම්බන්ධයෙන් අධි චෝදනා ලබා නඩු විභාගයෙන් අනතුරුව වරදකරුවූ 45 හැවිරිදි විවාහකයෙකුට මීගමුව පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් 18 වනදා බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කළේය.

 

ඊට අමතරව රුපියල් 15,000ක දඩ සහ අපචාරයට ලක්වූ දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමටත් විත්තිකරුට වැඩිදුරටත් නියෝග කෙරිණි.

 

සිරදඬුවම්, දඩ සහ වන්දි ගෙවීමට නියමවූ විත්තිකරු වූයේ රද්දොළුවේ පදිංචිකරුවෙකු වන දයාරත්න සිල්වා නැමැති 45 හැවිරිදි විවාහකයෙකි. 

 

රජයේ අධිනීතිඥ අනුශිකා ප්‍රනාන්දු මහත්මිය විසින් පැමිණිල්ල මෙහෙයවූවාය.

views

688 Views

Comments

arrow-up