වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝහල්වලට පැමිණ කාන්තාවන්ගේ රන්බඩු සොරාගත් අයට වූ දේ මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝහල්වලට පැමිණ කාන්තාවන්ගේ රන්බඩු සොරාගත් අයට වූ දේ මෙන්න

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝහල්වලට පැමිණ කාන්තාවන්ගේ රන්බඩු සොරාගත් අයට වූ දේ මෙන්න

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය සහ මහමෝදර රෝහල්වල සායනවලට පැමිණෙන කාන්තාවන්ගේ රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් නඩු අටකට වරදකරුවූ විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් නඩුවකට මාස හය බැගින් අනිවාර්ය සිර දඬුවම්ද සැකකරු විසින් සොරකම් කරන ලද රන් ආභරණ විකුණා තිබියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් මහනුවර රජ වීදියේ ස්වර්ණාභරණ වෙළෙඳසැල් හිමියාට රුපියල් 675000ක වන්දියක් ගෙවීමටද නියෝග කළේය.

 

වන්දි නොගෙවන්නේ නම් එක් නඩුවකට මාස හය බැගින් තවත් මාස 48ක සිර දඬුවම්ද විත්තිකරුට නියම විය.

 

මෙලෙස දඬුවම් නියමවූයේ හෝමාගම පිටිපන උතුර මහින්දදාස මාවත පදිංචි පූනම් ක්‍රිස්තෝම්බු සසික මධුසංක නමැති 32 හැවිරිදි විත්තිකරුවකුටයි.

 

පසුගිය 2020 වසරේ ඔක්තෝබර් 10 වන දින සැමියාට ප්‍රතිකාර ගැනීමට කරාපිටිය රෝහලේ වකුගඩු සායනයට පැමිණි කාන්තාවක් රවටා ඇයගේ රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසක් පමණ වටිනා රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ පොලිසියට විත්තිකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

 

මෙම සිද්ධියට පෙර මෙවැනි සිද්ධීන් හයක් කරාපිටිය රෝහලෙන්ද මහමෝදර රෝහලෙන් එක සිද්ධියක්ද ඇතුළු සිද්ධීන් අටක් ගාල්ල පොලිසියට වාර්තාවී තිබූ අතර ඒවා සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වමින් සිටියදී මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ පරීක්ෂණ කඩිනම් කළ පොලිසියට විත්තිකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

views

676 Views

Comments

arrow-up