කතරගම වන්දනාවේ ගොස් එද්දී නින්ද ගිහින් - ත්‍රිරෝදය ලොරියේ ගැටී තරුණයෝ දෙදෙනාම මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

කතරගම වන්දනාවේ ගොස් එද්දී නින්ද ගිහින් - ත්‍රිරෝදය ලොරියේ ගැටී තරුණයෝ දෙදෙනාම මරුට

කතරගම වන්දනාවේ ගොස් එද්දී නින්ද ගිහින් - ත්‍රිරෝදය ලොරියේ ගැටී තරුණයෝ දෙදෙනාම මරුට

රත්නපුර, බටුගෙදර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරින් ත්‍රිරෝදයේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

පෙරේදා (05) රාත්‍රී හතට පමණ මෙම අනතුර සිදුවී ඇතැයි රත්නපුර පොලිසියේ රථවාහන අංශය පවසයි. 

 

කතරගම වන්දනාවේ ගොස් නිවස බලා ගමන් කරමින් සිටි වයස අවුරුදු 27 සහ 28 ක තරුණයින් දෙදෙනෙකු මෙලෙස අනතුරින් මියගොස් තිබේ.

 

ඔවුන් කඩුවෙල සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි. 

 

ත්‍රිරෝදය කොළඹ දෙසටත්, ලොරි රථය කොළඹ සිට වැල්ලවාය දක්වා සෙවිලි තහඩු ප්‍රවාහනය කරමින් තිබුණි.

 

ත්‍රිරෝද රථ රියදුරුට නින්ද යෑම අනතුරට හේතුව බව පොලිසිය විශ්වාස කරයි. 

 

මියගිය දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ(06) රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවත්වීමට නියමිතව තිබුණි. 


ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

views

696 Views

Comments

arrow-up