ලංකාවේ තහනම් කොටි හිතවාදී සංවිධානයක් සමඟ එකතු වී සුමන්තිරන්ලා තමිල්නාඩුවට ගතු කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

ලංකාවේ තහනම් කොටි හිතවාදී සංවිධානයක් සමඟ එකතු වී සුමන්තිරන්ලා තමිල්නාඩුවට ගතු කියයි

ලංකාවේ තහනම් කොටි හිතවාදී සංවිධානයක් සමඟ එකතු වී සුමන්තිරන්ලා තමිල්නාඩුවට ගතු කියයි

දෙමළ ජාතික සන්ධානය, "ගෝලීය දෙමළ සංසදය" සමග ඒකාබද්ධව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින්ගේ වර්ෂ පූර්ණ පාලනයට සුබපැතුම් නිවේදනයක් යොමු කර ඇත.

 

ලංකාවේ දෙමළ අරගලය සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිවරයාගේ ප්‍රවේශය අගය කරන බවත් එම සහාය තවදුරටත් ලැබෙනු ඇතැයි දෙමළ ජනතාව මෙන්ම ඔවුන්ගේ නායකත්වයද අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

 

යුද්ධය අවසන් වී වසර 12ක් ගතවූ පසු ලංකාවේ දෙමළ ජනයා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති නමුත් ශ්‍රී ලංකාවේ දමිළ ජනයාට කල් පවත්නා සාමයක් හා සෞභාග්‍ය පිළිබඳ බලාපොරොත්තුව ප්‍රශ්නකාරී යැයිද ඔවුන් එහි සඳහන් කර ඇත.

 

යුද්ධයෙන් පසු ලංකාවේ වගවීම නැති තරම් යැයිද ආර්ථික අංශයෙන් දියුණුවක් නැති දෙමළ ජනයා නව ව්‍යවස්ථාවක් හරහා පළාත් සභාද අහිමි වනු ඇතැයිද බියෙන් පසුවන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

 

ව්‍යවස්ථාව හරහා සිය සමාජ තත්වය හා අයිතිවාසිකම් තවත් දුර්වල කරනු ඇතැයිද බියෙන් පසු වන දෙමළ ජනයා ගෝලීය වේදිකාවන්හිදී තවදුරටත් තමන්ට සහාය දක්වනු ඇතැයිද අපේක්ෂා කරන බවද එහි සඳහන් කර ඇත.

 

උතුරු නැගෙනහිර ප්‍රදේශවල යම්තාක් දුරට හෝ ස්වයංපාලනයක් අපේක්ෂා කරන්නේ යැයිද සිය අනන්‍යතාව හා සාම අයිතීන් පුරවැසිභාවය පවත්වාගෙන යෑමට ස්වයං පාලනය වැදගත් යැයි එම නිවේදනය අවධාරණය කර තිබේ.

 

මේ දක්වා තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය ලංකාවේ දමිළ ජනතාවගේ ප්‍රශ්න වල දී කළ මැදිහත් වීම් සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කරන බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම ඒකාබද්ධ නිවේදනය සඳහා අත්සන් කර ඇති "ගෝලීය දෙමළ සංසදය" යනු ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට තහනම් වූ සංවිධානයකි.

views

796 Views

Comments

arrow-up