ඔමික්‍රෝන් හිතුවට වඩා දරුණු වෙයි

නිධන්ගත රෝග සහ වෙනත් සංකුලතාවයන් පවතින රෝගීන් නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබද සැලකිලිමත් විය යුතු බව පවුල් සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.
එසේම මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ දැඩි පීඩාකාරී නොවන හෙයින් සංකුලතා සහ නිධන්ගත රෝග තිබෙන රෝගීන් පවා නිවෙස්වලට වී සිටින බවට පැහැදිලි තොරතුරු වාර්තා වී පවතින බව ඇය සදහන් කරයි.
මෙම තත්වය ඉතාමත් භයානක තත්වයක් බවත් රෝගයේ රෝග ලක්ෂණ අවමව පැවතියත් නිධන්ගත රෝග වලින් පෙළෙන පිරිසට විශේෂයෙන් බුස්ටර් මාත්‍රාව නොගෙන සිටියහොත් ඉතාමත් දරුණු සංකුලතා වලින් අවදානමට ලක්විය හැකි බව ඇය වැඩි දුරටත් සදහන් කර සිටියි.
626 Views
Comments