මිහිඳු හිමි ලංකාවට වැඩමවූ ආසියාවේ වටිනාම පුරාවස්තුව කොල්ලකයි

රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ තිබී නිදන් හොරුන් පැහැර ගෙන ගොස් ඇති රන් කරඬු ආසියාවේ ඇති වටිනාම පුරාවස්තූන් වන බැවින් ඒවා තැන්පත් කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විහාරස්ථානය වෙත ලබාදී ඇති යකඩ සේප්පු වල ඒවා තැන්පත් කර තිබී නැති බව මේ වන විට හෙළිවී ඇතැයි වාර්තා වේ.
එම අගනා කෞතුක භාණ්ඩ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අභිමතය පරිදි විශේෂ උත්සව අවස්ථාවල දී මහජන ප්‍රදර්ශනයට තබා ඇති බවත් ඒවා ආරක්ෂිත සේප්පු තුළ නොව ධාතු මන්දිරයේ තැන්පත් කර තිබී ඇති බවත් හෙළිදරව් වී ඇත.
ශ්‍රී ලංකාව සතුව තිබූ ඉතා වටිනා පුරාවස්තූන් වන මෙම රන් කරඬු හත හා පළිඟු කරඬු තුන හා මංජුසාව මිල කළ නොහැකි ඒවා බැවින් ඒවා සොරකම් කොට ඇත්තේ එහි වටිනාකම පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති පිරිසක් විසින් බවට පුරාවිද්‍යාඥයෝ සලකති.
සොරකම් කර ඇති පුරාවස්තු අතර රන් කරඬු එකක් දඹ රන් කරඬු එකක්, අඟල් එකහමාර රන් කරඬු පහක්, අඟල් එකහමාර පළිඟු කරඬු තුනක් හා ධාතූන් වහන්සේලා තැන්පත් කරන මංජුසාවක්ද වෙයි.
රන් කරඬු හත හා පළිඟු කරඬු තුන ගෙන ගොස් ඇතත් 2001 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය විජයපාල මහතා විසින් සිදුකරන ලද කැණීමකදී හමු වූ ලෝහමය කරඬුවක අසුරා පබළු මිශ්‍ර සේද රෙදි කඩක දවටා මැටි වළඳක තැන්පත් කර තිබූ ලෝහ කරඬුව පමණක් හොරුන් ගෙන ගොස් නැතැයි ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.
එම සේද රෙදි කැබැල්ල ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් බව ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජුඩිත් කැමරන් කළ පරීක්ෂණයක දී හෙළි වී ඇති බැවින් එය ආසියාවේ පැරැණිතම සේද රෙදි කැබැල්ල සේ සැලකෙන බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් පුරාවස්තූන් බැහැර කිරීමට එහි හිමිවරුන් අකමැති වන අවස්ථාවල අදාළ ස්ථානයේ තබා ආරක්ෂාව සැලසීමේ සම්ප්‍රදායක් ඇතැයි ද මහාචාර්ය මනතුංග මහතා කියා සිටියේය.
ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් බවට මෙම කරඬුවේ කාල නිර්ණය කිරීමේ දී හෙළිවී ඇතැයි ද ඒවා දෙවනපෑතිස් රජ සමයේ මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එන ලැබූ ඒවා බව වංශකතා වල සඳහන් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
පැරණි ස්තූප වල හැඩය නීර්ණය කිරීමට ඉතිරි වී තිබූ එක ම ස්ථූපය ද එම පුරාවස්තු අතර වූ බව හෙතෙම සඳහන් කළේය. දැලිවල කොටවෙහෙර සම්බන්ධ 1892 දී එච්.සී.පී බෙල් මහතා විසින් ප්‍රථමයෙන් කෑගලූ වාර්තාවේ සඳහන් කර තිබේ.
1957 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැණීමකදී චෛත්‍යයේ සතර දිසාවේ ස්තූප අනුරූප සියළු මංජුසාව තුළ තිබී 1957 පෙබරවාරි 4 වැනිදා දඹ රන් කරඬුව හමුවී ඇති අතර එය දඹදිව සාංචි ස්තූපයේ පුරාණ අනුරුවක් ලෙස සැලකෙයි.
මෙම පුරාවස්තු සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කොටවෙහෙර රජමහා විහාරයේ ධාතු මන්දිරයේ ඉතා ආරක්ෂිතව විශේෂ මංජුසාවක බහා තැන්පත් කර තිබූ මෙම කරඬු ඉකුත් 11 වැනිදා සොරුන් විසින් පැහැරගෙන තිබිණි.
එසේ කර ඇත්තේ වීදුරු මංජුසාව සූක්ෂම ලෙස කඩා දැමීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් කැඩුණු වීදුරු කටු වේ වැටී තිබූ රෝම හතරක් සොයාගෙන ඇති අතර එම රෝම ගස් හඳුනාගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පැහැර ගැනීම සඳහා එම රන් කරඬු තබා තිබූ වීදුරු මංජු සහ කඩා ඒ තුලට අත දැමීමේදී සොරා ගත් පුද්ගලයාගේ අතේ තිබූ එලෙස කැඩුණු මංජුසාවේ ඇලවී තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිද්ධිය සැලවීමත් සමඟ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න මහතාද විහාරස්ථානයට ගොස් මේ පිළිබඳව පරීක්ෂණ කොට පොලිස් කණ්ඩායම් දෙකක් පත්කොට සොරාගෙන ඇති කරඬුව සොයා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ ස්වාමීන් වහන්සේලා දෙනමක් විහාරස්ථානයේ වැඩ සිට ඇති අතර විහාරාධිපති හිමියන් පුණ්‍ය කටයුත්තක් සඳහා විහාරස්ථානයෙන් පිටව ගොස් සිට ඇත.
ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නිල සුනඛයෙකුද විහාරස්ථානයට ගෙන විමර්ශන ආරම්භ කළ අතර නිල සුනඛයා විහාරයේ ආවාස ගෙය වෙත ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් ඇතුළු විහාරයේ වැඩ සිටි දෙනමකගෙන් හා විහාරයේ රැඳී සිටි පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ රන් කරඬව සොරා ගත් පුද්ගලයාගේ ඇඟිලි සටහන් නොතිබූ බවයි.
කරඬු තැන්පත් කර තිබූ මංජුසාව කඩා දමා ඇති අතර මංජුසාවේ වීදුරු කැබැල්ලක ගෑවී තිබූ රෝම කූප ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත. පර්වේෂණ සාක්කි ඔස්සේ විමර්ශන සිදුකරන බවත් කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් විහාරස්ථානය තුළ CCTV කැමරා පද්ධතියක් සවි කර තිබූ අතර එය මාස දෙකක් තිස්සේ අක්‍රීයව පැවැති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. කරඬු සොරාගත් පුද්ගලයා ඒ සම්බන්ධයෙන් ද හොඳ අවබෝධයක් ඇති අයෙකු බව සැක කරයි.
කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කීර්තිරත්න මහතාගේ උපදෙස් මත රඹුක්කන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිංස්ලි හේරත් මහතාගේ මෙහෙයවීම මත රඹුක්කන පොලිස් අපරාධ විමර්ශන අංශය හා කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය රන් කරඬු හා පළිඟු කරඬු සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Mawbima
13430 Views
Comments