සජිත්ගෙනුත් සල්ගාදු ක්‍රීඩාංගනයේදී දැවැන්ත රැළියක්..!

මාර්තු මස දෙවැනි සතියේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී මහජන රැළියක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
රැළියේ සංවිධාන කටයුතු වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත්කර ඇති අතර මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසකට එහි වගකීම් පවරා තිබේ.
652 Views
Comments