ලොතරැයි වර්ග 04ක් නැවතීමෙන් පවුල් ලක්‍ෂ 02ක් අසරණ වෙලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

ලොතරැයි වර්ග 04ක් නැවතීමෙන් පවුල් ලක්‍ෂ 02ක් අසරණ වෙලා

ලොතරැයි වර්ග 04ක් නැවතීමෙන් පවුල් ලක්‍ෂ 02ක් අසරණ වෙලා

ලොතරැයිපත් වර්ග 04ක් වෙළෙඳපොළට නිකුත් නොවීමෙන් දිවයිනේ ලොතරැයිපත් අලෙවියේ යෙදෙන නියෝජිතයන්, ලොතරැයි අලෙවි සහායකයන් 30,000 කට අධික පිරිසක් අන්ත අසරණ වී ඇතැයි සමස්ත ලංකා ලොතරැයිපත් අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක‍්‍රිෂාන් මාරඹගේ මහතා ඊයේ (06) පැවසීය.


මීට අමතරව ඔවුන්ගෙන් යැපෙන පවුල් ලක්‍ෂ 02 ක් ද ඉතා අපහසුතාවට පත්ව ඇතැයි ද හෙතෙම කීය.



මෙහිදී තවදුරටත් කතා කළ කි‍්‍රෂාන් මාරඹගේ මහතා මෙසේද කියා සිටියේය.



"දැන් දින කීපයක ඉඳලා ගොවිසෙත, හඳහන, සෙවණ, වාසනා සම්පත ලොතරැයි වෙළෙඳ මහත්වරුන්ට ලැබෙන්නේ නැහැ. ලොතරැයි බලධාරීන් කියන්නේ කඩදාසි හිඟය නිසා ඒවා මුද්‍රණය කරන්නේ නැහැ කියලයි. නමුත් ඒක උත්තරයක් නෙමෙයිනේ.

මේ ටිකට් මිලදී ගන්න බලාගෙන කොච්චර පිරිසක් එනවද? රෝද පුටුවෙන් ගිහින් ලොතරැයි අලෙවි කරන ආබාධිත අය ඉන්නවා. තව පාපැදිවලින් ගිහින් ලොතරැයි අලෙවි කරන අය ඉන්නවා. බස්වල නැඟලා ලොතරැයි අලෙවි කරන අය ඉන්නවා.

දැන් මේ ලොතරැයි වර්ගවල හිඟය නිසා අපි හැමෝම අන්ත අසරණ වෙලා. අපි මේ ගැන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන්නා. නමුත් තාම විසඳුමක් ලබාදීලා නැහැ. මෙහෙම ගියොත් ලොතරැුයි කර්මාන්තයත් නැතිවෙලා යාවි."

views

721 Views

Comments

arrow-up