අද කාලගුණය - ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුවසහ මාතලේ දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 48 තුල දී ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතපවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇත.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ පිළිබඳ ව විමසිලිමත් වන ලෙසත්, ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳ ව අවධානයෙන් පසු වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.
ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහාපොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී.(30-40) පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
630 Views
Comments