ගම්මන්පිල ඩීසල් හිඟයක් ඇති බව පිළිගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

ගම්මන්පිල ඩීසල් හිඟයක් ඇති බව පිළිගනී

ගම්මන්පිල ඩීසල් හිඟයක් ඇති බව පිළිගනී

රටේ ඩීසල් හිඟයක් ඇති බව තමා පිළිගන්නේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.

 

ඔහු මෙලෙස පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 

නැවකින් ඩීසල් ගොඩබෑම සිදුවෙමින් පවතින බවත් පෙට්‍රල් නැවක් මුහුද මැද නැංගුරම්ලා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

 

ඒ නැවටද මුදල් ලබාදෙන බව මුදල් ලේකම්වරයා පැවසුවේ යැයි උදය ගම්මන්පිල මහතා කීවේය.

 

මෙරටට පැමිණි කිසිම ඉන්ධන නැවක් ආපසු හරවා යවා නැතැයි පැවසූ අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද පැවසීය.

 

යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන බැරලයක මිල ඩොලර් සියයක් දක්වා ඉහළ  නැග ඇතැයිද  එම මිල මාර්තු වනවිට 115දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයිද ඔහු පැවසීය.

views

678 Views

Comments

arrow-up