නරේන්ද්‍ර මෝදි ලබන මස පලාලි ගුවන්තොටින් ශ්‍රී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

නරේන්ද්‍ර මෝදි ලබන මස පලාලි ගුවන්තොටින් ශ්‍රී ලංකාවට

නරේන්ද්‍ර මෝදි ලබන මස පලාලි ගුවන්තොටින් ශ්‍රී ලංකාවට

එලැඹෙන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ‍්‍රී මෝදි මහතා ඉන්දියාවේ සිට පළමුව යාපනය පලාලි අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ළඟා වන බව ඉන්දීය පුවත් සේවය ඊයේ (15) වාර්තා කළේය.

 

ඉන්දීය ආධාර මත යාපනයේ ඉදිකොට තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අරමුණින් පළමුව යාපනයට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම කටයුතුවලින් පසුව කොළඹට පැමිණෙන බවද එම පුවත් සේවය වාර්තා කළේය.

 

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුවයි.

views

683 Views

Comments

arrow-up