වන අලින්ට බිලි වූ සීගිරිය පාසලේ දරු දැරියන්ගේ අකුරු සිහිනය

ඊයේ (07) සීගිරිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක් වන අලි ප්‍රහාරයක් හේතුවෙන් විනාශයට පත්ව තිබුණි.
මෙවැනි වන අලි තර්ජන දිගින් දිගටම පැවතුන ද බලධාරින් ඒ සම්බන්ධව කඩිනම් පියවර නොගන්නා බවත්, මීට මාස දෙකකට පෙරද පාසල් වේලාවේම වන අලි පාසල වෙත කඩා වැදුන බවත් විදුහල්පති කියා සිටී.
ඒ මොහොතේ රැස්වු දේශපාලනඥයෝ හා අධ්‍යාපන නිලධාරීන් විදුලිය වැටක් අනුමත කල අතර ඒ සඳහා මුදල් ද අනුමත කල බව දැනුම් දී තිබූ බවත් විදුහල්පති පැවසීය.
අලි වැටට අදාල කණු ලබාදිමට වනජිවි කාර්යාලය බාරගත්තද එම කනු නොලැබිම නිසා අලි වැට ඉදි කිරීම ප්‍රමාද වූ බව ඔහු කියා සිටී.
211 Views
Comments