දැරියක් සිපගත් හෙට්ටිපොල පන්සලක හිමිනමට මැරෙන තෙක් පහර දීලා

ඊයේ (28) සවස්වරුවේදී හෙට්ටිපොළ අගාරඋඩ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ අවුරුදු 76 ක් වයසැති විහාරාධිපති හිමිනම විසින් කුඩා දැරියක් සිප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් පහර දීමකට ලක් කොට ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.
කුඩා දැරිවිය තම මව සමඟ විහාරස්ථානයේ මිදුල ඇමදීමට ගිය අවස්ථාවේ මෙම සිද්ධිය සිදුවී ඇති බව වාර්තා වේ.
අදාළ සිදුවීම දැරිය විසින් තම මවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මව විසින් සැමියාට දුරකථන ඇමතුමක් දී මෙම සිදුවීම ප්‍රකාශ කර ඇති බවත් පසුව සැමියා විහාරස්ථානයට පැමිණ මල් පෝච්චි සහ පොලු වලින් බරපතළ ලෙස පහරදීම සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත.
හෙට්ටිපොල පොලිසිය පැමිණ ගිලන් රථයක් ආධාරයෙන් හිමිනම කුලියාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර එම රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇති බව ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වේ.
263 Views
Comments