ආ පයින් ආපසු ගිය ජනක රත්නායක

පසුගිය දින කිහිපයේ විදේශගතව සිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (28) පස්වරුවේ යළි කොල්ලුපිටියේ පිහිටි මුද්‍රා තබා ඇති කාර්යාලයට පැමිණිය ද පොලිසිය කාර්යාලය විවෘත කිරීමට නොපැමිණිමෙන් ඒ මහතා දැඩි අපහසුතාවට පත්විය.
පසුගිය මස 16 වැනිදා ඒ මහතා විදේශගතව සිටියදී අධිකරණ නියෝගයක් මත කොල්ලුපිටිය පොලිසිය මෙම කාර්යාලයට මුද්‍රා තබා තිබුණි.
එහිදී ඔහු පැමිණි පසුව මෙම කාර්යාලය යළි විවෘත කරන බව ප්‍රකාශ කළ ද ඔහු කියා සිටියේ කාර්යාලය විවෘත කරන ලෙස කොල්ලුපිටිය පොලිසියෙන් ලිඛිතව ඉල්ලා තිබුණ නමුත් නිලධාරීන් නොමැති යැයි පවසා විවෘත නොකළ බවයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම කාර්යාලයට පැමිණි ගොස් ඇති බවට දැනගන්නට තිබේ.
207 Views
Comments