ඉන්දියාවට පළා ගිය අපරාධකරුවෙකු තමිල්නාඩු ප්‍රාන්තයේදී කොටු වෙයි

මෙරට අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මණ්ඩපම්හි සරණාගත කඳවුරක රැඳී සිටියදී අදාළ පුද්ගලයා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එස්. සිංතුජන් නම් 22 හැවිරිදි මෙම පුද්ගලයා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවත්, අනාවරණය වී තිබේ.
මෙම සැකකරු මෙරටදී පොලිස් අත්අඩංගුවට පත්වීම වළක්වාගැනීමේ අරමුණින් පසුගිය 17 වනදා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් තමිල්නාඩු ප්‍රාන්තයට පළා ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
212 Views
Comments