FEB
15
මහ කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ විය

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන පරිදි මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට සිදු කෙරේ.
උපරිම තෙතමනය 14% සහ උපරිම බෝල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමාණ ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් සීයකටත් තෙතමනය 14% ඉක්මවන නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් අසූ අටකටත් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
ලේකම්වරුන් හරහා එම කටයුතු සිදු කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.
262 Views
Comments