ඡන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් හෙට

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසන්නේ, 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල මුදල් නිදහස් කරගැනීම සඳහා හෙට (16) දිනයේ දී මුදල් අමාත්‍යංශ ලේකම් හා නිලධාරීන් කැඳවා සාකච්ඡා කරන බවයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය සලකුණු කිරීම නියමිත දිනයේදී සිදු කිරීමට උත්සාහ කරන බවයි.
රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙන්නේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවයි.
202 Views
Comments