එළඹෙන මාර්තු මාසය ගැන ජනපති දැඩි අපේක්ෂාවෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

එළඹෙන මාර්තු මාසය ගැන ජනපති දැඩි අපේක්ෂාවෙන්

එළඹෙන මාර්තු මාසය ගැන ජනපති දැඩි අපේක්ෂාවෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම් දීම එළඹෙන මාර්තු මස වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

 

අද (15) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එම ක්‍රියාවලිය ඉදිරියට යාම සඳහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජය තුළ නව ආකල්ප ද අවශ්‍ය වන බව ය.

 

SLTC  හෙවත් ශ්‍රී ලංකා පර්යේෂණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය තුළ ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම අධ්‍යයන ආයතනය මතු පරපුරට පැවරීම සහ 2048 දක්වා ලංකාවේ ගමන් මග සාර්ථක කර ගැනීමට සංවිධාන කරන peace and prosperity 2048 සම්මන්ත්‍රණ මාලාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී ආරම්භ වූ අවස්ථාවේ එතුමා මෙම අදහස් පළ කළේය.

views

200 Views

Comments

arrow-up