නව කැබිනට්ටුවේ 17න් 10ක්ම හිටපු ඇමැතීන්ගේ ලේ ඥාතීන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ(18) පත් කරන ලද නව කැබිනට් ඇමැතිවරුන් 17 දෙනාගෙන් 10ක්ම මීට පෙර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ දේශපාලනඥයින්ගේ පුතුන් හෝ සහෝදරයන් ලෙස ඥාති සම්බන්ධයක් තිබීම කැපී පෙනෙයි.
ඉන් අමාත්‍යවරුන් 08 දෙනෙකු දේශපාලනඥයන්ගේ පුතුන් වන අතර එක් අයෙක් සහෝදරයෙක් ද, තවත් අයෙක් ඥාති පුත්‍රයෙක්ද වෙති.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධන (පිලිප් ගුණවර්ධනගේ පුතා), රමේෂ් පතිරණ (රිචඩ් පතිරණගේ පුතා), ප්‍රසන්න රණතුංග (රෙජී රණතුංගගේ පුතා), දිලුම් අමුණුගම (සරත් අමුණුගමගේ ඥාති පුතා), කනක හේරත් (මහීපාල හේරත්ගේ පුතා), විදුර වික්‍රමනායක (රත්නසිරි වික්‍රමනායකගේ පුතා), ෂෙහාන් සේමසිංහ (එච්. බී. සේමසිංහගේ පුතා), කංචන විජේසේකර (මහින්ද විජේසේකරගේ පුතා), ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පුතා), තේනුක විදානගමගේ (අනුර විදානගමගේ සහෝදරයා) මෙම පිරිසයි.
ඊට අමතරව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හිටපු දේශපාලනඥයෙකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුත්‍රයන්වේ.
674 Views
Comments