“ගෝ ගෝටා හෝම්” දුරදිග යයි - හිටපු නාගරික මන්ත්‍රීගේ මන්නා පහරින් තුවාල ලැබූ අයෙක් රෝහලට

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී මන්නයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර රෝහල ට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙහිදී තුවාල ලබා තිබෙන්නේ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි හතලිස් පස් හැවිරිදි පුද්ගලයෙකි.
මන්නා පහර එල්ල කළ පුද්ගලයා සමාදාන විනිශ්චයකාර පදවියක් ලබා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වේ.
ඉකුත් (10) වනදා අලුයම මෙම සිද්ධිය සිදුවී ඇති අතර“ගෝ ගෝටා ගෝ හෝම්” යැයි එක අයෙකු පැවසීම නිසා බහින් බස් වීම සිදුව ඇත.
එම අවස්ථාවේදී සමාදාන විනිශ්චයකාර හිටපු නාගරික මන්ත්‍රීවරයා ඔහුට මන්නා පිහියකින් පහරදීම සිදුකර තිබේ.
මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ හෝටලටයක පැවති සාදයකින් අනතුරුව එම හෝටලය ආසන්නයේ මාර්ගයේදී දෙපිරිසක් අතර බහින්බස් වීමක් හේතු කරගෙන ගැටුම ඇතිවී තිබේ.
මන්නා පාර ලැබූ පුද්ගලයා වයස අවුරුදු 45ක් පමණ වන අතර ඔහු මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේවන විට පරීක්ෂණ සිදුකරන බවත් තුවාලකරුට බරපතළ නොවන බවත් පොලිසිය පවසයි.
653 Views
Comments