වාසනාවන්තයා CCTV එකෙන් බලා ලක්ෂයේ දිනුම දුන් ලොතරැයි අලෙවිකරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
12

වාසනාවන්තයා CCTV එකෙන් බලා ලක්ෂයේ දිනුම දුන් ලොතරැයි අලෙවිකරු

වාසනාවන්තයා CCTV එකෙන් බලා ලක්ෂයේ දිනුම දුන් ලොතරැයි අලෙවිකරු

පුරුද්දට ලොතරැයි ගන්නට හුරුව සිටි බුලත්සිංහල පදිංචි අමරදාස ලියනගේ මහතා නගරයෙන් ලොතරැයි කූඩුව අසලට ගියේ තම ටිකට් පතට ඇදී තිබූ රුපියල් 40 වෙනුවෙන් තවත් ටිකට්පත් දෙකක් ගැනීමටය.

 

ඔහු එතැනින් යන්නට ගිය පසු එම ගොවිසෙත ටිකට් පත නිකමට පරීක්ෂාකල සහයක අලෙවිකරු හෙළි කර ගත්තේ රුපියල් 40ක් නොව ලක්ෂයක දිනුමක් ඇති බවයි.

 

පසුව සහයක අලෙවිකරු සිය ප්‍රධානියාට සිද්ධිය හෙළි කළේය.

 

"අපට මේ රුපියල් ලක්ෂය වංචා කරලා කෑවොත් ශාප වෙනවා. දරු මල්ලන්ට ගින්දර දෙන්න නරකයි. ලක්ෂපති වාසනාවන්තයා සොයාගෙන මුදල් දෙමු."

 

මෙසේ කථිකා කර ගනිමින් ඔහු පිළිබඳව විස්තර සෙවීය. නගරයේ සී.සී.ටී.වී පරික්ෂා කළේය. මෙසේ සිටියදී ඉන් සති දෙකකට පසු එම ලක්ෂපති වාසනාවන්තයා හමුවිය. ඒ යළි ලොතරැයි පත් අලෙවි කූඩුවට පැමිණි අවස්ථාවකයි.

 

"අපි ඔයාව හොයමින් හිටියේ රුපියල් 40ක් තියෙනවා කීව ගොවිසෙත පතේ රුපියල් ලක්ෂයක ජය තිබුණා" යැයි කියමින් රුපියල් ලක්ෂයක මුදල ප්‍රදානය කළේය.

 

මෙම ලක්ෂපතියා ගොවියෙකි. 

 

අලෙවිකරු ලලන්තකුමාර විසින් රුපියල් ලක්ෂයක වාසනාව ඔහුට ලබා දුන් අවස්ථාව මෙසේ අප කැමරාවේ සටහන් විය.

views

1887 Views

Comments

arrow-up