වැවට පැන දිවි නසාගන්න ගිය කතට පොලිස් නිලධාරියෙක් හා තරුණයෙක් ජීවිතය දෙති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

වැවට පැන දිවි නසාගන්න ගිය කතට පොලිස් නිලධාරියෙක් හා තරුණයෙක් ජීවිතය දෙති

වැවට පැන දිවි නසාගන්න ගිය කතට පොලිස් නිලධාරියෙක් හා තරුණයෙක් ජීවිතය දෙති

මිණිපේ, හසලක වැව ආසන්නයේ මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු හා තරුණයකු විසින් හසලක වැවට පැන්න කාන්තාවක බේරා ගැනීමට සමත්ව තිබේ.

 

පසුගිය 17 වැනිදා සවස 03.30ට පමණ මෙම සිද්ධිය වී ඇත. 

 

එදින සියදිවි නසා ගැනීමට වයෝවෘද්ධ කාන්තාවක් වැව් සොරොව්ව අසලින් වැවට පැන තිබේ.


එම මොහොතේ ඒ ආසන්නයෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි චමල්ක ඉසුරංග නම් තරුණයා නිවසට යෑම පසෙක තබා කාන්තාව බේරා ගැනීමට දියට පැන තිබේ. 

 

ඒත් සමඟම ඒ අසලම මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි හසලක පොලිසියට අනියුක්තව රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් පී. එච්. ජී. එස්. වින්සන් රාජපක්ෂ මහතාද එම කාන්තාව බේරා ගැනීමට තම නිළ ඇඳුමේ උඩ කොටස ගලවා දියට පැන ඇත. 

 

දියේ ගිලීමට ආසන්නව සිටි කාන්තාවගේ දිවි ගලවා ගෙන ගොඩට රැගෙන ඒමට එම දෙපළ කටයුතු කර තිබේ.

 

සිද්ධිය වූ සැල වූ වහාම හසලක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා එම ස්ථානයට ගොස් එම කාන්තාව ප්‍රතිකාර සඳහා හසලක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

 

දිවි තොරකර ගැනීමට දියට පැන්න කාන්තාව, වයස අවුරුදු 58ක, හසලක, උඩවෙල, බරවර්ධන ඔය ප්‍රදේශයේ පදිංචිකාරියකි. 


ඇයගේ සැමියා මීට වසරකට පමණ පෙර මෙලොව හැරගොස් ඇති බවත්, තනිවම ජීවත් වීමට සිදුවීම හේතුවෙන් ජීවිතය පිළිබඳ කලකිරී දිවිතොර කර ගැනීමේ අදහසින් වැවට පැන්න බවත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. 

 

එසේම කලක පටන් මානසික රෝගයක් සඳහාද ඇය ප්‍රතිකාර ලබන බවත් දරුවන් නොමැති තැනැත්තියක බවත් පසුව අනාවරණය වී ඇත.

views

298 Views

Comments

arrow-up