වතුකම්කරු පවුලකට මාසිකව සහන මිලට තිරිඟුපිටි 15Kg ක් ලබා දීමට සැරසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

වතුකම්කරු පවුලකට මාසිකව සහන මිලට තිරිඟුපිටි 15Kg ක් ලබා දීමට සැරසෙයි

වතුකම්කරු පවුලකට මාසිකව සහන මිලට තිරිඟුපිටි 15Kg ක් ලබා දීමට සැරසෙයි

සහන සැලසීමේ පියවරක් ලෙස වතුකරයේ කම්කරු පවුල් 115,867කට මසක් සඳහා තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 බැගින් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

 

මේ සඳහා වූ යෝජනාව ඉදිරිපත් වුණේ, වෙළෙඳ ඇමතිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින්. එම නිර්දේශ හඳුනා නිසි පරිදි හඳුනාගැනීමෙන් අනතුරු ව යි මෙම තීරණය ගෙන ඇත්තේ.

 

මේ අතර, ජීවන වියදම ඉහළ යාමේ පීඩනය සැහැල්ලු කිරීම සඳහා සෑම ග්‍රාම නිලධාරී වසමකින් අඩු ආදායම්ලාභී පවුල් 40ක් සඳහා රුපියල් 2000ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීමට ඩිජිටල් කාඩ්පතක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

 

එම කාඩ්පත මගින් කාන්තා ව්‍යවසායකයින් මුල් කර ගත් කුඩා සුපිරි වෙළදසැල් සඳහා භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ.

 

එලෙස කාන්තා ව්‍යවසායකයින් සදහා කුඩා සුපිරි වෙළදසැල් ජාලයක් ස්ථාපිත කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

views

1078 Views

Comments

arrow-up