පාසල් සිසුන් රෝහලට යැවූ බඹර ප්‍රහාරය

හැටන් නො(ර්)වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ පාසලක ළමුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරය හේතුවෙන් සිසුන් 17 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇත.
පාසල අසල පිහිටි විශාල ගසක බැඳ තිබූ බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සෙකු පහරදීමෙන් බඹරුන් ඇවිස්සි අද(15) උදෑසන පාසලට පැමිණ සිටි ළමුන්ට එලෙස බඹර ප්‍රහාරය එල්ල වී ඇතැයි නො(ර්)වුඩ් පොලීසිය පවසයි.
එම බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙන්නේ එම පාසලේ 6 සිට 11 දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසකි.
තුවාල ලැබු සිසුන් රෝහල වෙත යොමු කර, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් පරිදි පාසලේ අනෙකුත් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා පාසලට පැමිණි සෙසු ළමුන් නිවෙස් කරා යොමු කර පාසල තාවකාලිකව වසා දැමීමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.
රෝහල්ගත කළ ළමුන්ගෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
720 Views
Comments