පෙම්වතිය ලැගුම්හලකට ගෙනගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගත් සැකකාර පෙම්වතා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

පෙම්වතිය ලැගුම්හලකට ගෙනගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගත් සැකකාර පෙම්වතා අත්අඩංගුවට

පෙම්වතිය ලැගුම්හලකට ගෙනගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගත් සැකකාර පෙම්වතා අත්අඩංගුවට

ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් ලැඟු‍ම්හලකට ගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ඇගේ සැකකාර පෙම්වතා පසුගිය 06 වනදා මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු කොළඹ ප්‍රදේශයේ සැඟවී සිටියදී උපාය දූතියක් මාර්ගයෙන් අදාළ තරුණිය ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාදී ඔක්කම්පිටිය ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබේ.

 

එසේ පැමිණි අවස්ථාවේදී රැකසිටි පොලිස් නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු ස්ත්‍රී දූෂණ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

ඔහු පෙම්වතියන් කිහිපදෙනකුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඥාතීන්ට සහ අන්තර්ජාලයට මුදාහැර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

 

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට බුත්තල පොලිසියට භාරදී ඇත. 

views

12229 Views

Comments

arrow-up