15 හැවිරිදි දැරිය පෙම් දැලේ පටලවාගෙන පවුල් කෑ දෙදරු පියා අත්අඩංගුවට - අනුබල දුන් මිතුරාට අත්වූ ඉරණම

15 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධව දෙදරු පියෙකු සහ ඊට ආධාර අනුබල ලබාදුන් ඔහුගේ මිතුරෙකු පසුගිය 30 වනදා අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා යක්කලමුල්ල කොට්ටව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බාලවයස්කාර දැරිය සහ 30 හැවිරිදි දෙදරු පියා කිරින්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇත.
මොහු මෙකී දැරිය සමඟ කොට්ටව ප්‍රදේශයේ පිහිටි මිතුරාට අයත් නිවසකට පැමිණ එහි නවාතැන් ගෙන සිටියදී සැකකරු සහ ඒ සඳහා අනුබල දුන් මිතුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වසරේ ජුනි මාසයේදී මොහු මෙකී දැරිය රැගෙන ගොස් දූෂණය කර ඇති බව පොලිසිය කියයි.
සැකකරු රක්ෂිත බන්ධනාගාරගතකර සිට ඇති අතර දැරිය පරිවාසභාරයේ පසුවී ඇත.
අනතුරුව පරිවාසය මගින් දැරිය ඇයගේ නැන්දාට භාරදී තිබේ.
මොහු ඇප මත පැමිණ යළි දැරිය සමඟ කොට්ටව ප්‍රදේශයට පැමිණ සිටියදී පොලිසියට කොටුවී ඇත.
සැකකරු සහ අනුබලදුන් ඔහුගේ මිතුරා ඊයේ(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
1079 Views
Comments