මව පියා බියගන්වා එක කුස උපන් සහෝදරිය වසර තුනක් තිස්සේ දූෂණය කල නරුම සොහොයුරා අත්අඩංගුවට

මව හා පියාට මරණ තර්ජනය එල්ල කොට බියගන්වා වසර තුනක් පුරා තම දාහතර හැවිරිදි බාලවයස්කාර නැගෙණිය බරපතළ ලෙස අපයෝජනය කළ විසි දෙහැවිරිදි සොයුරෙකු ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත්‍රාත්වරයා කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ ගම්පොල රත්මල්කඩුව හාටිෂෙල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මත්කුඩුවලට තදින් ඇබ්බැහි වී සිටින මෙම පුද්ගලයාගෙන් දිනපතා එල්ල වන මෙම අතවරවලින් බේරීමට නොහැකිව සිටි මෙම 14 හැවිරිදි දැරිය සියදිවි නසා ගැනීමට පේරාදෙණිය පාලම මතින් ගඟට පැනීමට උත්සාහ කළ අවස්ථාවේ ත‍්‍රිරෝද රථ රියදුරෙකු ඇයව බේරාගෙන පේරාදෙණිය පොලිසියට භාරදීමෙන් අනතුරුව මෙම සිද්ධිය අනාවරණය වී ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය සඳහන් කරයි.
මෙම 22හැවිරිදි තරුණයාගේ වැඩිමහල් සොහොයුරාද මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී සිටියද ඔහු විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචිව ඇති බව පොලිසිය පවසයි.
තම මව පියා හා නැගෙණිය සමඟ සිටින මෙම තරුණයා මෙම සිදුවීම පොලිසියට හෝ වෙනත් අයෙකුට පැවසුවහොත් ඔවුන් මරණ බවට තර්ජනය කරන බවත් එම නිසා එය හෙළි නොකළ බවත් දැරියගේ මව විසින් පොලිසියට පවසා ඇත.
ගම්පොළ පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
12938 Views
Comments