රුපියල් 20ට මිනී මැරූ 3කට මරණ දඬුවම ස්ථීරවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

රුපියල් 20ට මිනී මැරූ 3කට මරණ දඬුවම ස්ථීරවෙයි

රුපියල් 20ට මිනී මැරූ 3කට මරණ දඬුවම ස්ථීරවෙයි

රුපියල් 20ක් සම්බන්ධව ඇති වූ උණුසුම් විවාදයක් මුල්කොටගෙන 29 හැවිරිදි අවිවාහක තරුණයෙකු කපාකොටා ඝාතනය කොට කාන්තාවන් දෙදෙනකු ඇතුළු මරණකරුගේ ඥාතීන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියම කළ මරණීය දණ්ඩනය හා සෙසු දණ්ඩන නියෝගයන් අභියෝගයට ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කළ අභියාචනා අධිකරණය මහාධිකරණයේ තීන්දුව ස්ථිර කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

 

පන්නිපිටියේදී 1996.11.02 වැනිදා සුසන්ත පෙරේරා නැමැත්තාව කඩු පිහි සහා කිණිසි වලින් කපා කොටා ඝාතනය කිරීම හා එකී ඝාතනය වැළැක්වීමට උත්සාහ කළ ඔහුගේ ඥාතීන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ පුර්වගාමි ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුවන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කොට සෙසු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝගකර තිබිණි.

 

2018.07.18 වැනිදා මහාධිකරණය විසින් නියම කළ මරණීය දණ්ඩන නියෝගය හා දඩ නියෝගයන්ට එරෙහිව ලක්මාල් ප්‍රදීප් ප්‍රේමචන්ද්‍ර, සුමිත් ශී‍්‍ර ලාල් හා සුදත් කුමාර නමැති විත්තිකාර පෙත්සම්කරුවන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත් සලකා බැලූ නිශ්ශංක බන්දුල කරුණාරත්න හා රත්නපි‍්‍රය ගුරුසිංහ යන විනිසුරු මණ්ඩලය විසින් එම නියෝගය සිදුකළේය.

 

මහාධිකරණය විසින් සිය සේවාදායකයින්ට එරෙහිව එම දඩුවම් නියම කර තිබෙන්නේ එකී අපරාධයට ඔවුන්ගේ ඇති සම්බන්ධතාවය සහ එම අපරාධය සිදුවන මොහොතේ ඔවුන් එම ස්ථානයේ සිටියේ දැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමකින් තොරව බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ තර්ක විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කළේය.

views

947 Views

Comments

arrow-up