අගමැති මහින්ද දුකින්

ආණ්ඩුවේ වැඩ ගැන තමන් පමණක් නොව අගමැතිතුමාද කලකිරීමකින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
සති අන්ත ලංකාදීප පුවත්පත සමග ඔහු මෙසේ අදහස් පල කර තිබේ.
‘මම විතරක් නෙවෙයි අගමැතිතුමාට කළකිරීමක් තියෙනව කියලා පේන්නේ නැද්ද. පොහොට්ටුවේ සංවත්සරයේදි එතුමා කරපු කතාවෙදි හෘදසාක්ෂිය එලියට දාල නැද්ද. මේ ගමන තියන අඩුපාඩු පෙන්නල දීල නැද්ද. එතුමට කියන්න පුළුවන් ප්‍රමාණයෙන්නේ කියලා තියෙන්නේ කියන්න බැරි කතාවකුත් ඇතිනේ.
ඒ නිසා ඇත්ත කතාව අවුරුදු තුනක් අපට තියෙනවා බොහොම අභියෝගාත්මක අවුරුදු තුනක්. මේ අභියෝගාත්මක අවුරුදු තුන අපි අතර පරස්පරතා මතු කර ගන්නේ නැතුව හැමෝටම එකට ඉන්න පුළුවන් විදියට ගමනක් යන්න පුළුවන් නම් මේ අභියෝගය අපිට දිනන්න පුළුවන්.
එහෙම නැතුව මේ භූමිකම්පාවක් තියෙද්දී එහාපැත්තෙන් බැංකුවටත් වැඩේ දෙන්න ලෑස්ති වෙනවා නම් මේ භූමිකම්පාව ගැන විතරක් නෙමේ බැංකුව කඩන එක ගැනත් කෑ ගහනවා නේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය’
732 Views
Comments