වැස්සත් එක්ක වැඩිවූ කිඹුල්ලූ

මේ දිනවල පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් කතරගම මැණික් ගඟේ ජලය වැඩි වී තිබේ.
එලෙස ජලය වැඩිවීමත් සමඟ මැණික් ගඟේ කිඹුලන් ගැවසෙන බැවින් දිය නෑමේදී ප්‍රවේශම් වන ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
මේ වනවිටත් මැණික් ගඟේ දැවැන්ත කිඹුලන් 20 කට වැඩි ප්‍රමාණයක් සිටින අතර නාගහවීදිය පාළම, අංක 02 පාළම වැනි ස්ථාන වල නිතර දැවැන්ත කිඹුලන් සැරිසරණ අයුරු දැකගත හැකිය.
සෑම වසරකම මැණික් ගඟේ ජලය වැඩිවූ විටදී කිඹුලන්ගේ ප්‍රහාරයන්ට ගමේ සහ පිටස්තර ජනයා ලක්වන අතර මේ දිනවල මැණික් ගඟේ දිය නාන විට ප්‍රවේශම් විය යුතු බව කතරගම පොලිසිය බැතිමතුන්ට දන්වා සිටියි.
742 Views
Comments