OCT
28
'3 වැනිදායින් පස්සෙ නැළවිලි ගී නෑ. රටම අඳුරේ තියන වර්ජනයකට යනවා' – විදුලි වෘත්තිය සමිති

කෙරවළපිටිය යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම ඉල්ලා අස්කර නොගතහොත් නොවැම්බර් 03 වැනිදායින් පසු රටම අදුරේ තබන බවට ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අද අනතුරු ඇඟවීමක් සිදු කළේ ය.
එහි කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ, වර්ජන ක්‍රියාමාර්ගය වන අවසන් පියවරට දැන් පැමිණ ඇති බවයි.
එම සන්ධානය ආණ්ඩුවට අභියෝග කර කියා සිටියේ, ලබන 3 වැනිදායින් පස්සේ මුළු රටම අඳුරේ තබන වැඩ වර්ජනයකට යොමු වන බවයි.
774 Views
Comments