එක්දරු මවක් වූ අනියම් පෙම්වතියගේ නිරුවත් දසුන් මිතුරන්ට බෙදූ තරුණයාට ඇප

අනියම් පෙම නවතා දැමීමෙන් උරණවූ කාර්යාලයේ පෙම්වතා විසින් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ සේවා ස්ථානයේ මිතුරන්ට සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර තිබේ.
මීට සම්බන්ධ පෙම්වතා දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් සංජය එල්. එම්. විජේසිංහ මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකාර පුද්ගලයා මුදාහැරීමට නියෝග කළේය.
මෙලෙස ඇපමත මුදාහැර ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි රක්ෂණ ආයතනයක සේවය කල අයෙකි.
එම ආයතනයේම සේවයේ කරන දෙහිවල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විවාහක එක් දරු මවක් වන අතර ඇගේ සැමියා විදෙස්ගතව සිටින අතර අදාළ කාන්තාව සිය රැකියා ස්ථානයේම තරුණයෙකු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා අවස්ථාවන් ගණනාවක අඹුසැමියන් ලෙස හැසිරී ඇති අතර නිරුවත් වීඩියෝ ඇමතුම් ලබා ගෙන ඇති අතර සැකකාර පෙම්වතා විසින් ඔහුගේ ජංගම දුරකතනයේ එම දර්ශන පටිගත කර ගෙන ඇතැයිද අධිකරණය හමුවේ කරුණු දක්වමින් දෙහිවල පොලිසියේ නිලධාරීන් පැවසීය.
විදෙස්ගත සැමියා පැමිණීමත් සමඟ පැමිණිලි කාරිය විසින් අනියම් සම්බන්ධය නවතා ඇතැයිද ඒ සම්බන්ධව උරණ වූ සැකකාර පෙම්වතා අදාළ නිරුවත් ඡායාරූප සේවා ස්ථානයේ මිතුරන්ට අන්තර් ජාලය ඔස්සේ මුදාහැර ඇති බවද අධිකරණය හමුවේ වාර්තාවිය.
ලබන පෙබරවාරි මස 22 වන දින සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
10563 Views
Comments