බත් උයන්නෙත් බස් දුවන්නෙත් භූමිතෙල් වලින් - ඉල්ලුම දෙගුණ වෙයි

දේශීය වෙළඳපොලේ භූමිතෙල් ඉල්ලුම දෙගුණ වී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.
මේ වන විට දිනකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 550ක් පමණ අලෙවි වන අතර ගෑස් මිල ඉහළ යාමත් සමග ජනතාව ආහාර පිසීමට භූමිතෙල් යොදා ගැනීම සහ ඩීසල් සහ භූමි තෙල් මිලෙහි ඇති වෙනස මෙයට බලපා ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
බස් රථ වලට අමතරව මේ වෙනවිට කම්හල්වල යන්ත්‍ර සූත්‍ර සහ උදුන් බෝට්ටුද භූමිතෙල් භාවිතා කරනවා.
මීට අමතරව විදුලි වර්ජනයක් පිළිබඳ ව පැතිර ගිය කටකතාද මෙලෙස භූමිතෙල් ඉල්ලුම් ඉහළ යාමට හේතු වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
769 Views
Comments