පින්බර ඉල් පුර පසළොස්වක පොහොය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

පින්බර ඉල් පුර පසළොස්වක පොහොය අදයි

පින්බර ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දින අදට(18) යෙදී තිබේ.

 

මෛත්‍රී බෝසතාණන් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුව ඇත.

 

තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම, ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම වැනි ශාසනික ඉතිහාසයේ වැදගත් කරුණු අද වැනි පොහොය දිනක සිදුව තිබේ.

 

දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනකදීය.

 

පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව සිදුකළ හැකි අවසාන පොහෝ දින ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකේ.

views

845 Views

Comments

arrow-up