පාසල් 630ක් හදීසියේ වැසූ හේතුව

අපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් හයසිය තිහක් පමණ වසා දැමීමට සිදු වී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 444 ක්ද වයඹ පළාතේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 37ක්ද හලාවත සහ ගිරිඋල්ල යන කලාපවල පාසල් එකොළහ බැගින් ද වසා දැමීමට සිදු වූ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයලත් දිසානායක පැවසීය.
ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යට වී ඇති බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි පාසල් පහළොවක් පමණ ද සබරගමුව පළාතේ ඇළපාත ප්‍රදේශයේ පාසල් පහක් ද වසා දැමීමට සිදු වී ඇත.
මේ අතර පවතින අයහපත් කාලගුණය මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් එකසිය පහක් පසුගිය (09 වැනිදා) වසා තබා ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් පාසල්වලට කිසිදු හානියක් සිදු වී නැතැයි ද පාසල් වසා දැමීමට සිදු වූයේ අවට පවතින ගංවතුර තත්ත්වයන් නිසා යැයි ද එම ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීහු පැවසීය.
761 Views
Comments