වාහනය බලෙන් හප්පා සල්ලි කොල්ලකන කල්ලියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

වාහනය බලෙන් හප්පා සල්ලි කොල්ලකන කල්ලියක්

වාහනය බලෙන් හප්පා සල්ලි කොල්ලකන කල්ලියක්

රිය අනතුරු සිදු කොට ඊට ලක්වන පාර්ශ්වය බිය ගන්වා කප්පම් මුදල් ලබා ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.

 

ඒ සම්බන්ධයෙන්  ගම්පහ මූලස්ථාන පොලීසිය මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම දැනුවත් කිරීම සිදු කෙරේ.

 

මේ පිළිබඳව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , සැලසුම් සහගත කල්ලියක් විසින් මහමග ධාවනය වන වාහන හිතාමතා අනතුරට ලක් කොට ඊට ලක්වන පාර්ශ්රවය බිය ගන්වා පොලීසියට පැමිණිලි කිරීම වළක්වාලමින් කප්පම් ගැනීම සිදුකරන බවය.

 

එලෙස සංවිධානාත්මකව රිය අනතුරක් සිදුකළ හොත් වහාම ළඟම ඇති පොලීසිය වෙත පැමිණිලි කිරීමට පියවර ගන්නා ලෙසට රිය පදවන්නන් දැනුවත් විය යුතු බවත් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

views

804 Views

Comments

arrow-up