ඩොලර් නැතිව භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ හිරවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

ඩොලර් නැතිව භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ හිරවෙයි

ඩොලර් නැතිව භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ හිරවෙයි

ඩොලර් ගැටලුව හේතුවෙන් මුදාගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

මෙම කන්ටේනර් අතර සීනි මොටි්‍රක්ටොන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 350 ක් පමණ ඇති බවත් රට තුළ පවතින සීනි හිඟයට ප්‍රධාන හේතුව වරාය තුළ ඇති සීනි කන්ටේනර් නිදහස් කර නොගැනීම බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

ඩොලර් හිඟය හේතුවෙන් මීට පෙර ද අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ආනයනික භාණ්ඩ කන්ටේනර් විශාල සංඛ්‍යාවක් වරාය සිරවීමෙන් රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති විය.

views

654 Views

Comments

arrow-up