ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරඟාවලියක වසර 15කට පසු අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරඟාවලියේ බංග්ලාදේශය සමඟ ඊයේ (16) පැවති තරඟය ජයගැනීමත් සමඟයි.
ගෝල 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව එම තරඟය ජයගත් අතර ඒ අනුව ශ්‍රී ලංකාව සීෂෙල්ස් කණ්ඩායම සමඟ ලබන 19 වැනිදා අවසන් මහා තරඟයට පිවිසෙනු ඇත.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2006 වසරේ පැවති දකුණු ආසියානු තරඟාවලියෙන් පසු ජාත්‍යන්තර තරඟාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
710 Views
Comments