බිරිඳට යකඩ පොල්ලකින් අමානුෂික ලෙස පහරදුන් ප්‍රධාන පොලිස් පරික්‍ෂක රිමාන්ඩ්

තම බිරිඳට අමානුෂික අන්දමින් යකඩ පොල්ලකින් සහ අතින් පයින් පහරදීමේ චෝදනාව මත බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාරවූ දියබෙදුම පොලිසියේ හිටපු ස්ථානාධිපති මෙම මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා පසුගිය 08 වනදා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දැනට බකමූණ පොලිසියට අනුයුක්තව සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. බී. එස්. පී. ජයතිලක නමැත්තෙකි.
මෙම මස 02 දින හෝ ඊට ආසන්න දිනයකදී සැකකරු විසින් පවුල් ආරවුලක් මත සිය බිරිඳට යකඩ පොල්ලකින් සහ අතින් පයින් පහරදී ඇති බව වාර්තාවේ.
සිද්ධියෙන් තුවාල ලැබූ බිරිඳ ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් පොලිසිය විසින් ඇයගෙන් ලබාගත් ප්‍රකාශ මත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දියබෙදුම පොලිසිය වෙත යොමු කර තිබේ.
ඒ අනුව පරීක්ෂණ සිදුකළ දියබෙදුම පොලිසිය බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (08දා) දහවල් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
764 Views
Comments