කොරෝනා මරණ අවදානම අඩුකරන බෙහෙතක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

කොරෝනා මරණ අවදානම අඩුකරන බෙහෙතක්

කොරෝනා මරණ අවදානම අඩුකරන බෙහෙතක්

මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ඖෂධයක් මඟින් කොවිඩ් මරණ අවදානම අඩුවන බවට සායනික පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තීකරණ සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ බ්‍රසීලයේ සිදුකළ සායනික පරීක්ෂණයක් මඟින් එම තොරතුරු අනාවරණයවී තිබේ.

 

එම ඖෂධ භාවිතා කළ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් සඳහා රෝහල්ගතව ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවද ඉතා අවම මට්ටමක පැවති බව එම පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.

 

අදාළ ඖෂධය භාවිතයෙන් කොවිඩ් මරණ අනුපාතය සියයට 90කින් පහත වැටී ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාවද සියයට 65කින් පමණ අඩුවී ඇතැයි වාර්තාවේ.

 

බ්‍රසීලය විසින් මානසික රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා බහුලව භාවිත කරන ෆ්ලොවැක්ස්මයින් සහ ප්ලෙසබෝ නමැති ඖෂධය මඟින් පුද්ගලයින් 1,497දෙනෙකු යොදාගෙන එම පරීක්ෂණය සිදුකර ඇත.

 

එම අත්හදා බැලීම කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉතා හොඳ විකල්පයක් වුවත් කොවිඩ් වෛරසයට එරෙහි එන්නත ඵලදායී නොවන බවට යෝජනාවක් නොවන බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

views

767 Views

Comments

arrow-up