අධිකරණවල නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමේ වැඩපිළිවෙළක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

අධිකරණවල නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමේ වැඩපිළිවෙළක්

අධිකරණවල නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමේ වැඩපිළිවෙළක්

අධිකරණවල නඩු භාණ්ඩ ලෙස ගොඩගැසී ඇති වාහන ඇතුළු උපකරණ කඩිනමින් නිෂ්කාෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත.

 

එහි මුලික පියවර ලෙස දිවයිනේ සියලු‍ම අධිකරණවල ඇති අදාළ නඩු භාණ්ඩ ප්‍රමාණයන් සහ එම නඩු භාණ්ඩවල වර්තමාන තත්ත්වයන් සම්බන්ධව කඩිනමින් වාර්තාවක් කැඳවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

ඒ අනුව නොවැම්බර් මස අවසන්වීමට පෙර දිවයිනේ සියලු‍ම අධිකරණවලට අදාළ තොරතුරු  අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයට යොමුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව නිවේදනය කළේය.

 

මේ පිළිබඳව සියලු‍ම මහාධිකරණ විනිසුරුවරුන්ට සහ සියලු‍ම අධිකරණ නිලධාරීන්ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබේ.

 

රථ වාහන, පාපැදි, දැව, වැලි, ගල්, පස්,මැටි හා නීතී විරෝධී මත්පැන් ගබඩා කිරීමට යොදගන්නා බැරල් වැනි විශාල බහාලු‍ම් මෙලෙස කඩිනමින් නිෂ්කාෂණය කිරීමට නියමිතව ඇත.

views

752 Views

Comments

arrow-up