බිත්තිය සිදුරු කර හෝටලයේ මුදල් කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

බිත්තිය සිදුරු කර හෝටලයේ මුදල් කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

බිත්තිය සිදුරු කර හෝටලයේ මුදල් කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

ගණේමුල්ල නගරයේ හෝටලයක අලූයම් කාලයේදී බිත්ති සිදුරු කර හෝටලයට ඇතුළු වී රුපියල් 28580ක මුදලක් සොරාගත් සැකකරුවෙකු ලබන මස 09 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ(26) වැනිදා නියෝග කළේය.

 

සැකකරු මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

 

මොහු වෙළෙඳසැලට යාබද වෙළෙඳසැලේ සේවය කරන බවත් සැකකරු සේවය කරන වෙළෙඳසැල සහ හෝටලය වෙන් කල බිත්තිය පසුගිය 26 වනදා අලූයම් කාලයේදී යකඩ කටුවක් සහ මිටියක් ආධාරයෙන් සිදුරු කර හෝටලයට ඇතුළුවී මුදල් සොරාගෙන හාරන ලද සිදුරෙන් එළියට පැමිණි අවස්ථාවේ අසල්වැසි වෙළෙඳසැලක සේවකයෙකු සැකකරු ඔහු භාරයට ගෙන පොලිසියට භාරදුන් බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

 

සැකකරුට නීතිඥ සහායක් නොතිබූ බැවින් යමක් කීමට ඇත්දැයි අධිකරණය විමසා සිටි අවස්ථාවේ විත්තිකූඩුවේ සිටි සැකකරු දඬුවම් පමුණුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

පොලිසිය චෝදනා පත්‍රයක් ගොනුකර නොමැති බැවින් දඬුවම් ලබාදිය නොහැකි බවට සැකකරුට පැවසූ අධිකරණය සැකකරුට විරුද්ධව චෝදනා පත‍්‍රයක් 09 වැනිදාට අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට පොලිසියට නියෝග කල අතර එතෙක් සැකකරු ලබන මස 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

views

737 Views

Comments

arrow-up