පාසල් වල ඉබ්බො කඩනවා - වීරසේකර
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

පාසල් වල ඉබ්බො කඩනවා - වීරසේකර

පාසල් වල ඉබ්බො කඩනවා - වීරසේකර

වර්ජනයට එක්ව සිටින විදුහල්පතිවරුන් අද (21) දින පාසැල් විවෘත කිරීමට ඉඩ කඩ ලබා නොදුනහොත් ඉබි යතුරු කඩා හෝ පාසැල් විවෘත කර දරුවන් ඇතුළු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

 

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

 

දරුවන්ට ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදෙන පාසැල්වලට අදාල බල ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් පොලීසිය සහ දෙමව්පියන් යවා එම පාසැල් විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබා දී තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

 

එමෙන්ම පාසැල් විවෘත කරන විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා මේ වනවිට ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

 

මේ අතර විවෘත කරන පාසැල් අවට පොලිස් ආරක්ෂාව යෙදවීමටත් ජංගම මුර සංචාර යෙදවීමටත් අදාළ පොලිස් ප්‍රධානීන් වෙත මේ වනවිටත් පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා.

views

745 Views

Comments

arrow-up