කෘෂි ඇමති පොළවේ ගසා අගමැති අනුරුවට බඩ ඉරිඟු කවයි..
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

කෘෂි ඇමති පොළවේ ගසා අගමැති අනුරුවට බඩ ඉරිඟු කවයි..

කෘෂි ඇමති පොළවේ ගසා අගමැති අනුරුවට බඩ ඉරිඟු කවයි..

මහියංගණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ දුශ්කරම ග්‍රාම නිළධාරි වසමක් වන කුකුළාපොල වසමේ සියළුහේන් ගොවීන් එක්ව  ගොවි විරෝධතාවක් පවත්වා ඇත.

 

එහිදී ගොවීන් සඳහන් කළේ වී වගාව නොකරන තමන් හේන් ගොවිතැනින් පමණක් ජීවනෝපාය සරිකර ගන්නා බවයි.

 

‘වන අලි කරදරය අපිට කිසි අඩුවක් නැතිව ලැබෙනවා.අපේ වගාවට සමාවක් නැතිව බැට දෙනවා.අමාරුවෙන් බේරා ගන්නා කොටසින් තමයි අපි ජීවත් වෙන්නේ.කොරෝනාවෙන් ඒකත් අහිමිවුනා.අපිට වතුර හම්බවෙන්නෙත් හරි අමාරුවෙන්.අපට වෙනත් ආදායමක් නෑ.එක පාරම පෙහොර නැවැත්තුවාම අපි මොකද කරන්නේ.අපිට කන්න වෙන්නේ මහපොළොවේ පස්.ණය ගෙවා ගන්න බැරිවුනාම වෙන්නේ මැරෙන්න.ඒ නැතුව අපි මොනවා කරන්නද?ඔය කියන කොම්පෝස්ට් වලින් අපි ඔය වැඩේ කෙරුවා.මෙන්න තියෙනවා.කොළාපටින් වැහුණු හනසු විතරක්.බෙහෙතට එක ඇටයක් හොයා ගන්න බැහැ’ යි පැවසූහ.

 

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සුදත් බලගල්ල මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි අතර කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුරුවක් රැගෙනවිත් සිටි විරෝධතාකරුවන් එය පොළොවේ ගසා,අගමැතිවරයාගේ ඡායාරූපයට බඩ ඉරිඟු කවන ලදී.

views

909 Views

Comments

arrow-up