යුගදනව් බලාගාර ගිවිසුමට එරෙහිව සජබෙන් පෙත්සමක්

කෙලවරපිටිය යුගදනව් බලාගාරයේ කොටස් වලින් 40%ක් නිව්ෆෝට් එනර්ජි නම් ඇමරිකානු සමාගමට ලබා දීම බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ එම ඇමරිකානු සමාගම, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු 54 දෙනෙකි.
පෙත්සම විභාගය අවසන් වන තුරු එම බලාගාරය පවරාදීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් කම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
734 Views
Comments