මුදල් සොරකමකට රිමාන්ඩ් කළ සංවර්ධන නිලධාරිනියක් වසබී රෝහලට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කල ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කළමනාකරණ සංවර්ධන නිලධාරිනියක් පසුගිය 23වනදා පස්වරුවේ ගාල්ල බන්ධනාගාරය තුළදී වස පානයකොට තිබෙන අතර ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කල කාන්තාව මදුරුවන් සඳහා යොදන දියර කුප්පියක් තම සාරිය තුළ සඟවාගෙන පැමිණ පානය කොට ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාර නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා මෙය වළක්වා තිබෙන අතර බන්ධනාගාර බස් රථයකින් ඇයව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වැනි වාට්ටුවට ඇතුළත්කොට තිබේ.
මේවන විට මෙකී කාන්තාව බන්ධනාගාර නිලධාරිනියන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතර වස පානය කිරීමට හේතුව ඇය බන්ධනාගාර නිලධාරිනියන්ට පවසා ඇතැයිද රෝහල් ආරංචි මාර්ග පවසයි.
නිවසේ සිට මෙම වස බෝතලය රැගෙන ආ බව ඇය සඳහන් කොට ඇති අතර ඇයගේ සෞඛ්‍ය තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
පාසලේ සංවර්ධන සමිතියේ ගිණුමෙන් කූට ලේඛන සකස්කොට චෙක්පත්වල අගය වැඩිකොට රුපියල් විසිඑක් ලක්ෂ පනස්හය දහස් දෙසියක් (2156,200)ක මුදලක් වංචාකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මෙකී කාන්තාව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
966 Views
Comments