ඩී. ජේ පාටියට ආ මරුවා 21 හැවිරිදි තරුණයා රැගෙන යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

ඩී. ජේ පාටියට ආ මරුවා 21 හැවිරිදි තරුණයා රැගෙන යයි

ඩී. ජේ පාටියට ආ මරුවා 21 හැවිරිදි තරුණයා රැගෙන යයි

මැල්සිරිපුර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක පැවති මත්පැන් සාදයකට සහභාගීවූ 21 හැවිරිදි තරුණයෙකු හෝටලය තුළ ඇති පිහිණුම් තටාකයට වැටී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.

 

පිහිනුම් තටාකය තුලට වැටී සිටි තරුණයා ගොඩගෙන පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කරන විටත් එහු මිය ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ රිදීගම උඩහොරොම්බුව ප්‍රදේශයේ මලිත් ලක්සර රණසිංහ නමැති පුද්ගලයෙකි.

 

පිරිසකගේ සහභාගිත්වයෙන් මත්පැන් සාදයක් සමඟ ඩීජේ පාටියක් පවත්වා ඇති අතර ඊට සහභාගි වූවන් හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට බැස විනෝද වෙමින් සිටියදී අනෙක් පිරිසගේ අවධානයට ලක් නොවූ අයෙකු දියේ ගිලීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

views

1120 Views

Comments

arrow-up