රෝගීන් අමාරුවේ දැමූ සෞඛ්‍ය වර්ජනය

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව අද(24) දින දෙකක වැඩවර්ජනයක් ආරම්භ කළේය.
සෞඛ්‍ය සේවයේ උසස් වීම් සම්බන්ධ ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදුව ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කොට ගෙනයි.
මෙම වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවයකට පත්වූ බව වාර්තාවේ.
රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට වර්ජනය හේතුවෙන් එල්ල වූයේ දැඩි බලපෑමකි.
මෙම වර්ජනය පැය 48ක් ක්‍රියාත්මක කරන බව හෙද වෘත්තීය සමිති සඳහන් කරයි.
මේ අතර වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වන රෝගීන්ගේ අත්‍යවශ්‍ය පරීක්ෂණ කටයුතු පුද්ගලික අංශය වෙත යොමු කිරීමටත් ඖෂධ බෙදාහැරීම රාජ්‍ය ඔසුසැල මගින් සිදුකිරීමටත් කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරුන් පියවර ගෙන තිබුණි.
735 Views
Comments